Local NewsNews

බුදු දහමට අපහාස කරන භික්ෂුන්ට කෝටි ගණනින් විදේශ රටවලින් මුදල්…

මෙරට සිදු කෙරෙන බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත් මේ සදහා කෝටි ගණනින් මුදල් විදෙස් රටවලින් ලැබෙන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි. පිවිතුරු හෙළ උරුමයේ නායකයා එහිදී වැඩි දුරටත් මෙසේ අදහස් දැක් වීය.

බුදු දහමට අපහාස කිරීම විවිධ පිරිස් අතින් අද සිද්ධ වෙනවා. බුදු දහමට අපහාස වන අයුරින් හැසිරෙන භික්ෂුන් වහන්සේලාට රුපියල් කෝටි ගණනින් විදේශ රටවලින් මුදල් ලැබෙනවා. සමහරු බෞද්ධයින් ලෙස පෙනී සිටිමින් බුදු දහමට අපහාස කරනවා. ඒ අතරේ අන්‍යාගමික පූජකවරු පවා නොබියව බුදු දහමට අපහාස කරනවා. ඒ වගේම බුදු දහමට අපහාස කරන නිරාගමිකයින්ටත් විදේශ වලින් මුදල් ලැබෙනවා. ඒ නිසා මේ බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් කියන එක ඉතාම පැහැදිලියි. ජෝන් ඩොයිලි කිව්වා වගේ මේ රටේ කොඳු නාරටිය බිඳින්න නම් ගමයි පන්සලයි අතර තිබෙන සම්බන්ධය බිඳින්න ඕනි. ඒක තමයි දැන් ඔය කරමින් තිබෙන්නේ.

අද ඕනෑම අයෙකුට සිවුරක් ඇඳගෙන සමාජයේ පිලිකුලට ලක් වෙන උපහාසයට ලක්වන හාස්‍යයට ලක්වන ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ අයව අත්අඩංගුවට ගන්න බෑ. හාමුදුරුවරු සිවුරු අඳින්න ඕනි කියලා විනය නීතියක් තිබුණාට වෙනත් අයට සිවුරු අඳින්න බෑ කියලා නීතියක් නෑනෙ. ඒ නිසා සිවුරක් ඇඳගෙන ප්‍රසිද්ධියේ මොන පිස්සුව නැටුවත් අත්අඩංගුවට ගන්න බෑ.

තමන් කැමැති ඇඳුමක් අඳින්න හැමෝටම පුළුවන්නෙ. වසර 2300 පුරාවට මේ රට තුල චීවරයට තිබූ ගෞරවය රැක ගැනීමට නම් සිවුරු දැරීම භික්ෂුන් වහන්සේට සීමා කරන නීතියක් වහාම ගේන්න ආණ්ඩුව කටයුතු කල යුතුයි.

– Media unit

Related posts

LPL : මතීෂ පතිරණ වාර්තාගත මිලකට අලෙවි වෙයි…

Malar FM

ජල සම්පාදන මණ්ඩලයේ පඩි ගෙවන්නත් සල්ලි නෑ..

Malar FM

මහින්ද ඉවත් කලොත් ගෝටාභයත් ඉවත් කරනවා..- පොහොට්ටු පුංචි මන්ත‍්‍රීන් අරලිය මැදුරේදී…

Malar FM