Local NewsNews

සමන් පෙරේරා ඝාතනය කොඩියේ මන්ත‍්‍රී ධුරය සමග බැදුනු අවුලක්…

අපේ ජනබල පක්ෂයේ අභ්‍යන්තර අර්බුද ඇතිවී ඇති බවත් මන්ත්‍රී ධූරය සම්බන්ධය අර්බුදය එක දිගටම යන බවත් අපේ ජනබල පක්ෂයේ උපදේශක පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියෝ කියා සිටිති.

බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මිය ගිය අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් උන්වහන්සේ මේ බව පැවසූහ.

මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් අර්බුදය සමනය කරගැනීමට තමන් බොහෝ උත්සාහ දරන ලද බවත් මෙතෙක් දුර හෝ ආවේ තමන් විසින් සිදු කරන ලද මැදිහත්වීම මත බවත් උන්වහන්සේ පැවසූහ.

මෙම මරණය සම්බන්ධයෙන් රාජ්‍ය පාලනය වගකිය යුතු බවද පවසන උන් වහන්සේ රාජ්‍ය යාන්ත‍්‍රණය මන්ත්‍රී ධුරය හරහා පක්ෂයේ දේශපාලන තත්ත්වය හරහා බැඳුනු අර්බුදයක් පවතින බවද කියා සිටියහ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙකු හඳුනා නොගත් වෙඩික්කරුවන්ගේ පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබිනි.

Related posts

Corona : ඇමරිකාව බිහිසුණුම තත්වයේ.. චීනය, ඉතාලිය පන්නමින් ලෝකයේ වැඩිම ආසාදිතයන් සහිත රට වෙයි.. ඊයේ පමණක් 17,000 පනී..

Malar FM

කොරෝනා බිළිගත් හත්වන මරණයේ අවසන් කටයුතු සිදු කරයි

Malar FM

තිලංගගේ ක්‍රිකට් පාවාදීමේ චෝදනා වලට අර්ජුන සහ අරවින්ද උත්තර දෙයි.

Malar FM