NewsSportsSports News

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ කුලල් කති.. වනිදු-චාමික මුහුණවත් නොබලති..

රී ලංකා ප්‍රමුඛ පෙළ තරගාවලියේ අද කොළඹ කණ්ඩායම සහ මහනුවර කණ්ඩායම අතර පැවැති තරඟයෙන් කොළඹ කණ්ඩායම ලකුණු දෙකක ජයග්‍රහණයක් ලබා ගත්තේය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේ ලකුණු 199ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නුවර කණ්ඩායමට පන්දු වාර විස්ස අවසානයේ ලබාගත හැකි වුයේ ලකුණු එකසිය අනූ හතකි.

තරඟය අවසානයේ දෙපිලේ ක්‍රීඩකයන් අතට අත දී සුභ පතද්දී නුවර කණ්ඩායමේ නායක වනිදු හසරංග හා කොළඹ කණ්ඩායමේ උප නායක චාමික කරුණාරත්න අතට අත දීමෙන් වැළකී සිටියේය.

කලක සිට ඔවුන් අතර දැඩි මතභේදයක් පවතින බව ක්‍රිකට් ක්ෂේත්‍රයේ ප්‍රකට කරුණකි.

පසුගිය 20-20 ලෝක කුසලාන තරගාවලියට ද තමන් සහභාගි වන්නේ චාමික කරුණාරත්න සංචිතයෙන් ඉවත් කළහොත් පමණක් බවට වනිදු හසරංග දැනුම් දුන් බවටද එකල වාර්තා පල විය.

Related posts

කටුනායක සේවකයෙකුට පැත්තකට අරං ගිහිං මං කණට ගැහුවා..- ප‍්‍රසන්න රණවීර..

Malar FM

2026 T20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ නගරයට විශේෂ රථවාහන සහ ආරක්ෂක සැලැස්මක්

Malar FM

රාජ්‍ය අමාත්‍යවරයකු නිවසින් එලියට ඇද දමයි..

Malar FM