NewsPolitical

සජිත්ට ලක්‍ෂ හැත්තෑව පැන්නා.. කොහෙන් නවතීදැයි සිතාගන්න බෑ..

සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලක්ෂ හැත්තෑව මේ වන විට සම්පූර්ණ වී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා සඳහන් කරයි.

සජිත් ප්‍රේමදාස මහතා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ හැත්තෑවද ඉක්මවන නිසා එම ගණන සිතාගැනීමට නොහැකි බව ඔහු පැවසීය.

දකුණ නැගෙනහිර කඳුකරය මෙන්ම මේ වන විට උතුරේ ජනතාවගේ සහායද සජිත් ප්‍රේමදාස මහතාට ලැබී ඇතැයි ද ඔහු සඳහන් කරයි.

එනිසා රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්දය ලබාදීමට බලා සිටි අයටද සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

කොලොන්නාව ප්‍රදේශයේදී පැවති මහජන හමුවක් අවසානයේ මාධ්‍ය අමතමින් හෙතෙම මේ බව පැවසුවේය.

Related posts

ජනාධිපති එලෙවුවට පස්සෙ සම්පූර්ණ සිස්ටම් චේන්ජ් එක මේ කොලේ ලස්සනට තියෙනවා..- රැට්ටා

Malar FM

අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..

Malar FM

අලියගෙන් ඉල්ලුව කියල අමුතු ඡන්දයක් ලැබුන්නෑ.. මං කී විදිහට කලානං මෙහෙම වෙන්නෑ..- රනිල්

Malar FM