NewsPolitical

‘මාතෘභූමිය වෙනුවෙන් මගේ ඡන්දය නාමල්ටයි..’- සනත් නිශාන්ත බිරිද පොහොට්ටු වේදිකාවේ…

‘මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා’ යයි අභාවප‍්‍රාප්ත පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත මහතාගේ බිරිද චමරි පෙරේරා මහත්මිය පවසයි.

ඇය මෙම අදහස් පල කළේ එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. 2005 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ මේ වයඹ පළාතෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා.

2015 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන් මහතා බලයට ආවා. 2019 වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්න සමත් වුණා. කෙසේ වුවත් පැවැති තත්ත්වය හේතුවෙන් 2022 වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න අපේ දේශපාලන බලවේගය උදව් කළා. මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. නාමල් රාජපක්ෂත් ඒ ජනාධිපතිවරණ සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමියයි.

මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙලින්ම කියනවා. ඒ අනුව මේ ඡන්දය ඔහුට ලබාදෙනවා.

මහින්ද මහත්තයා දකුණේ දී වගේම උතුරට ගිහිල්ලත් බය නැතිව කරන දේ කියනවා. කියන දේ කරනවා. අපි සැමට එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අද රටේ තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාත් ඒ පිළිබදව කතාකර තිබෙනවා.

මේ රටේ විධායක ජනාධිපතිවරු පස්දෙනෙක් යටතේ යුද්ධ කළා. එදා අපේ ජීවිතවලට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිසා අපි අද විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර ආරක්ෂා කරන්න ඕනෑම කැපකිරීමක් කරනවා.

– Media unit

Related posts

දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්

Malar FM

Corona : ඇමරිකාච දිනකට රෝගීන් 10000 පන්නයි… ඕස්ට්‍රේලියාව එංගලන්තය දිනකට 1000 කට ලගයි.. ලෝකෙටම රතු එළියක්..

Malar FM

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශයි..- කොළඹ ඇමරිකා තානාපතිනි…

Malar FM