Local NewsNews

සරසවි සිසුන් රැසකට ඡන්දය දීමට නොහැකි වේ..

විශ්ව විද්‍යාල සිසුන් රැසකට ජනාධිපතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව අහිමි වන බව පවසමින් පැමිණිල්ලක් ලැබුණු බව මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් නිමල් පුංචිහේවා මහතා පැවසීය.

පැෆරල් සංවිධානය විසින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

එලෙස ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වනු ඇතිබවට නිරීක්ෂණය වී ඇත්තේ යාපනය ,රුහුණ සහ කැලණිය විශ්ව විද්‍යාල වල සිසුන් පිරිසකටයි.

ලබන 20 වනදා දවස පුරා අධ්‍යන කටයුතු සිදුකිරීම ඊට හේතුවයි.

ඒ හේතුවෙන් දුර බැහැරව පදිංචි වී සිටින එම ගැටලුවට මුහුණ දෙන බව පැවසීය.

ඒ පිළිබඳව සොයා බලා විසඳුම් ලබාදීමට පියවර ගන්නා බව වැඩිදුරටත් පැවසීය.

– Reporter

Related posts

COSS LANKA සිසුන්ට එතෙරදී ගෞරව සම්මාන

Malar FM

අගමැතිනි හරිනිට ඉල්ලා අස්වන්නැයි කියයි…

Malar FM

ජිවිත 9ක් බිළි ගත් තුර්කි දුම්රිය අනතුර-පරීක්ෂණ අඛණ්ඩව

Malar FM