International NewsNews

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට හිස්බුල්ලා රොකට් ප්‍රහාර එල්ල වේ..

ඊශ්‍රායලයේ අගනුවර වන ටෙල්අවිවිහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට රොකට් අවි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් එල්ල කරන ලද රොකට් ප්‍රහාර මාලාවකින් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ කොටසකටද හානි වී ඇත.

එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ එම ප්‍රහාර මාලාව හේතුවෙන් තානාපති කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ පහත මාලයේ කාර්යාල ගණනාවකට හානි වී ඇති බවයි.

අසල තිබූ බස් රථයක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇත.

කෙසේ වෙතත් එම ප්‍රහාර මාලාවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයකුට තුවාල සිදුව නැති බවද තානාපතිවරයා පැවසීය.

ප‍්‍රහාර හේතුවෙන් ගොඩනැගිල්ලේ කොටසකට හානි සිදුවුවද එහි කටයුතු සාමාන්‍ය පරිදි ඊයේ දිනයද සිදු කර තිබේ.

Related posts

රට වහනවා නම් අඩු ආදායම් ආහාර මල්ලක් ලබාදිය යුතුයි…

Malar FM

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Malar FM

ප‍්‍රාදේශීය සභා පාලනය පොහොට්ටු හිතවතුනට.. අගමැතිට එරෙහිව අධිකරණයේ නඩු.

Malar FM