NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රිලාට හිමිවන වරප‍්‍රසාද මෙන්න…

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ 10 වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම සඳහා හෙට (21) උදෑසන 09.00 පමණ වනවිට සියලු මංත්‍රීවරුන්ට පැමිණෙන ලෙස දැනුම් දී ඇතිබව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහනධීර මහත්මිය පැවසුවාය.

පෙරවරු 10.00ට නව සභාවාරය ආරම්භ වීමට නියමිතයි.

පළමු සභා වාරයේදී මන්ත්‍රීවරුන් සඳහා අසුන් පැනවීමක් සිදු නොවන බව ලේකම්වරිය පැවසුවාය.ඒ අනුව රිසි අසුනක මන්ත්‍රීවරුන්ට අසුන් ගත හැකි ය.

සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පළමුව නව කතානායකවරයා තෝරා පත් කර ගැනීම සිදුවෙයි. පළමුව කතානායකවරයා දිවුරුම් දීම පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සිදුවන්නේ ඉන් අනතුරුවයි.

නියෝජ්‍ය කතානායක සහ නියෝජ්‍ය කාරක සභා සභාපති ‍තෝරා පත්කර ගැනෙන්නේ පාර්ලිමේන්තු ඡන්දයෙන් බව ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්තීරණ සඳහා වන වරප්‍රසාද පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

  1. සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුටම රුපියල් පනස් හතර දහසක මාසික දීමනාවක්
  2. පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දිනයක් වෙනුවෙන් සෑම මන්ත්‍රීවරයකුටම රුපියල් දෙදහස් පන්සියක දීමනාවක්
  3. රැස්වීම නොපැවැත්වෙන දිනයන්වල කාරක සභා රැස්වීම් වලට සහභාගි වීම වෙනුවෙන් මන්ත්‍රීවරයකුට රුපියල් 2500ක දීමනාවක්
  4. දුර ප්‍රමාණය මත ඉන්ධන දීනොවක්
  5. පාර්ලිමේන්තුවේ සිට කිලෝමීටර් හතළිහක් ඇතුළත නිවෙසක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාසයක්
  6. ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් වෛද්‍ය පහසුකම් ලබාගෙන එම මුදල දීනොවලින් අඩු කිරීමට ද පාර්ලිමේන්තුව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය එක්ව පහසුකම් සලසා ඇත
  7. මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අවශ්‍ය දීමනා ද අමාත්‍යාංශය දරන.
  8. ලිපි ද්‍රව්‍ය, රුපියල් ලක්ෂයක් පමණ වටිනා මුද්දර පහසුකම වාර්ෂිකව නොමිලේ
  9. සැම මන්ත්‍රීවරයකුටම ආරක්ෂාව සඳහා පිස්තෝලයක්
  10. එසේම සෑම මන්ත්‍රීවරයකුටම පොලිස් නිලධාරින් දෙදෙනෙකුගේ ආරක්ෂාව

Related posts

අලුත් පෙරමුණට ‘පුටුව’ ලකුණ අවුලක.. චන්ද‍්‍රිකා බාල්දියක් පෙරලයි..

Malar FM

මහින්ද ගෙන් ‘චැලේන්ජ්’ එකක් : ‘මගේ කාලයේ බැඳුම්කර සොයන්න

Malar FM

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Malar FM