NewsPolitical

කුඩු බොන අයට වඩා කුඩු ගේන අය අල්ලන්නැයි කියයි..

පොලිසිය මෙතෙක් ඇල්ලුයේ කුඩු භාවිත කරන අව බවත් කුඩු ගේන කෙනා ඇල්ලුවේ නැති බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

මත්ද්‍රව්‍ය උවදුර තුරන්කිරීමට සිය ආණ්ඩුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කිසිදු දේශපාලනමය බාධාවක් නොමැති බව ද ඔහු පැවසුවේ කොලොන්නාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

එන වසරේ සිට මත්ද්‍රව්‍ය උවදුරෙන් මෙරට තරුණයින් බේරා ගැනීම වෙනුවෙන් සියලු පියවර ගන්නා බවත්
මත්ද්‍රව්‍ය නිවාරණයට රට පුරා විශේෂ වැඩපිළිවෙළක් එන වසරේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත් හෙතෙම එහිදී පැවසීය.

පොලිස් දෙපාර්තමේන්තුවේ අවංක මැදිහත්වීම ඊට අපේක්ෂා කරන බවත් මෙය මාධ්‍ය සංදර්ශනයක් නොවන බවත්ල ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේය.

Related posts

උතුරු ධීවරයින්ට පහරදුන් ඉන්දීය ධීවරයින් 21 ක් සමග ට්‍රෝලර් යාත්‍රා අත්අඩංගුවට…

Malar FM

ලෙබනන් පිපිරීමෙන් ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයටත් හානි – තුවාල වූ ශ්‍රී ලාංකිකයින් ගැනත් සොයයි

Malar FM

ටෝකියෝ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් කටයුතු අවසන්

Malar FM