NewsPolitical

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

බන්ධනාගාර තුළ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාලය සම්බන්ධ කටයුතු මැඬපැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ ජනාධිපති කාර්යාලයේ අද (30) පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මත්ද්‍රව්‍ය සහ පාතාලය සම්බන්ධ රැඳවියන්ගේ නඩු කටයුතු කඩිනමින් නිම කරන ලෙස මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා මාර්ගගත ක්‍රම අනුගමනය කිරීමේ හැකියාව ද පෙන්වා දුන්නේය.

මාර්ගගත ක්‍රමයට නඩු කටයුතු සිදු කිරීමේ දී මතුවන දුෂ්කරතා හඳුනාගෙන ඊට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කරන ලෙසද ජනාධිපතිවරයා වැඩිදුරටත්දැනුම් දී ඇත.

බන්ධනාගාර තුළ සිදුවන අක්‍රමිතා සඳහා නිලධාරීන්ගේද සම්බන්ධයක් ඇති බවට මතුවන චෝදනා පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණු අතර ඊට සම්බන්ධ නිලධාරීන්ට ආයතනයේ විනය ක්‍රියාමාර්ගවලට එහා ගොස් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දෙනු ලැබීය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දැනට තිබෙන පුරප්පාඩු සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර එම පුරප්පාඩු කඩිනමින් පිරවීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ.

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්යඑ ආනන්ද විජේපාල, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යේ නීතිඥ හර්ෂණ නානායක්කාර, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්යාං ශයේ ලේකම් නීතිඥ අයේෂා ජිනසේන, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Related posts

අපරාධ කල්ලි පහක් එකවර ක‍්‍රියාත්මකයි.. ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක් වගේ…- ජනපති

Malar FM

ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රමාද වෙයි.. 22 දිවුරන්න වෙන්නෑ..

Malar FM

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Malar FM