NewsPolitical

අදානි ගිය පසු ටිල්වින්, විදුලි ඇමති ගෙදරටම ගොස් ඉන්දීය තානාපති හමුවේ… බලශක්තිය ගැන සාකච්චා..

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡා කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා තිබේ.

එහිදී ඉන්දියා ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා පුළුල් ලෙස සාකච්ඡා කරන ලද බව ඉන්දීය මහ කොමසාරිස් නිල X ගිණුමේ සදහන් කර ඇත.

මේ අතර බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා ද ඉන්දීය මහ කුමසාරිස්වරයා හමුවී දෙපාර්ශවය අතර බලශක්ති හවුල්කාරිත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද බව X ගිණුම සඳහන් කරයි.

මෙම සාකච්ඡාවන් සිදුව ඇත්තේ ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරය මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනයෙන් ඉවත්ව යම් යාමේ පසුබිමක් තුල වීම විශේෂත්වයකි.

Related posts

බේබි ෆාම්” ක්‍රමයට ළදරුවන් විකිණූ සැකකරු රිමාන්ඩ්

Malar FM

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

Malar FM

මාස තුනකින් රනිල්ගේ වැල් පාලම කඩා වැටෙනවා.. දරුවා බේරගන්න සුපර්මෑන් සජිත් එනවා..

Malar FM