NewsPolitical

වසර 30කින් හොදම අයවැය මෙයයි.. ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩිවීම මෙවරයි.. අවයැය නරකයි කියන්නේ කුහකයෝ..

ජනාධිපති අනුර දිසානායක මහතා ඊයේ දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය වසර තිහක් තුළ ඉදිරිපත් වූ සාධනීයම අයවැය බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා සඳහන් කරයි.

ඇතැමුන් කුහකත්වයෙන් අයවැය පිළිබඳව විවේචනය කරමින් සිටින බවද පැවසූ ඔහු ආර්ථික විශ්ලේෂකයන් අයවැය සම්බන්ධයෙන් සාධනීය අදහස් දක්වන බවද කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අයවැය දෙවන වර කියවීමේ විවාදය අමතමිනි.

“මේ අයවැය රටේ ඓතිහාසික අයවැයක් බවට පත්වනවා නොඅනුමානයි. නිෂ්පාදන ආර්ථිකය බිඳවැට්ට වූ දශක හය වෙනුවට ග්‍රාමීය දුප්පත්කම තුරන් කළ නිෂ්පාදන ආර්ථිකයක් කරා යන අයවැයක් අප ඉදිරිපත් කර තිබෙනවා.

මේ තත්ත්වය හමුවේ විපක්ෂය අද හොල්මන් වෙලා. අපේ සාර්ථක අයවැය දරාගන්න බැරි වීමට හේතුව කුහක කම මිසක් වෙනත් දෙයක් නොවේ.

මෑත ඉතිහාසයේ මෙතෙක් සිදු වූ වැඩිම වැටුප් වැඩි වීම රාජ්‍ය සේවකයා වෙත ලබා දී තිබෙනවා.වසර නවයකින් රාජ්‍ය සේවකයාගේ මූලික වැටුප වැඩි වී තිබුණේ නැහැ’

Related posts

මන්ත‍්‍රීවරයෙකුට කොරෝනා..

Malar FM

ඉන්ධන නැවට ගෙවුවේ පිටකොටුවෙන් ඩොලර් අරගෙන…- බැසිල්

Malar FM

රජයේ සේවකයන් සදුදා සිට වැඩ අරඹයි.. ක‍්‍රමවේදය මෙන්න..

Malar FM