Uncategorized

Whatsapp ඔස්සේ තම නිරුවත බෙදූ අයෙක් අත්අඩංගුවට..

පුද්ගලයෙකු තම Whatsapp ගිණුම භාවිතා කරමින් ඔහුගේ ලිංගික අවයව ප්‍රර්දශනය කරමින් අසභ්‍ය ඡායාරූප හා ලිංගික දර්ශන හා හඩපට යොමුකරමින් අයුතු ලිංගික යෝජනා හා හිරිහැර සිදුකර බවට කාන්තාවන් කිහිපදෙනෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උතුරුමැද පළාත් පරිගණක අපරාධ විර්මශන ඒකකය වෙත සිදුකරණ ලද පැමිණිලි වලට අදාලව විර්මශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව සිදුකරන ලද විර්මශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම කාන්තාවන් තම යතුරුපැදි අළුත්වැඩියා කරගැනීම සඳහා සේවා ස්ථානයකට ගිය අවස්ථාවේ එහි හිමිකරු විසින් මෙම කාන්තාවන්ගේ දුරකථන අංක ලබාගෙන අනතුරුව මොහු විසින් තම Whatsapp ගිණුම භාවිතා කරමින් ලිංගික අවයව ප්‍රර්දර්ශනය කරමින් අසභ්‍ය ඡායාරූප හා ලිංගික දර්ශන හා හඩපට යොමුකරමින් මෙම කාන්තාවන්ට අයුතු ලිංගික හිරිහැර සිදුකර ඇති බවට අනාවරණය වීමෙන් පසු 2025.02.17 දින එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 49 ක් වූ පණ්ඩුලගම, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු 2025.02.18 වන දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2025.02.25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පරිගණක අපරාධ විර්මශන කොට්ඨාසය මගින් වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.

Related posts

Myanmar to host tourism expo at the end of 2018

Malar FM

Travel News – How this family of 3 can afford to travel the world year-round

Malar FM

10 fastest growing travel destinations in Europe of 2017

Malar FM