Local NewsNews

ජනාධිපති කාර්යාලයේ වාහන 22ක් වෙන්දේසි කරයි.. 07ක් නොවිකිණේ..

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය (28) සිදු කෙරිණි.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි.

ඒ අනුව ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක්, වොල්වෝ ජීප් රථයක්, ක්‍රයිස්ලර් මෝටර් රථයක්, මහේන්ද්‍රා බෝලෙරෝ රථයක්, රෝසා බස් රථයක්, ඩිස්කවරි රථයක් සහ ටොයෝටා මෝටර් රථයක් ඇතුළු වාහන 15ක් ඊයේ දින වෙන්දේසි වී තිබු අතර ඉතිරි වාහනවලට අදාළ වෙන්දේසිය නුදුරේදීම පැවැත්වීමට නියමිතය.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර, හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර ලංසු භාර ගැනීම ඊයේ දහවල් 12.00 වන තෙක් පැවැත්වුණු අතර ලංසු විවෘත කිරීම රාත්‍රී 8.00 දක්වා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට ව්‍යාපාරිකයන් 199 දෙනෙක් පමණ එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

Related posts

ඒකක 100ට 5900යි.. ඔබේ නව විදුලි ගාස්තුව බලන්න මෙතනින්…

Malar FM

බල්ලෙකු නිසා සහෝදරයා බෙල්ල කපා මරා දමයි…

Malar FM

හෙරොයින් පැකට් කරන තැන වටලද්දී බන්ධනාගාර ලොක්කෙකුත් එතන ඉඳලා

Malar FM