Local NewsNews

වෛද්‍යවරිය දුෂන සැකකරුට පොලිසියෙන් නැගිටගන්න බැරිවෙන්න පහර දීලා..

තමනට පොලිස් නිලධාරීන් තදබල ලෙස පහට දුන්නේ යයිඅනුරාධපුර ශික්‍ෂණ රෝහලේ වෛද්‍යවරියකට අතවර කල බවට අත්අඩංගුයට ගන්නා ලද සැකකරු අධිකරණයේදී පවසා තිබේ.

ඒ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය හමුවට ඉදිරිපත් කෙරුනු අවස්ථාවේදීය.

දෙකට නැවී යම් අපහසුතාවයකින් සිටින්නේ ඇයිදැයි සැකකරුගෙන් මහේස්ත්‍රාත්වරයා ප‍්‍රශ්ණ කර ඇති අතර කෙලින් සිටගන්නා ලෙසද සැකකරුට දන්වා ඇත.

එහිදී සැකකරු පවසා ඇත්තේ තමාට පොලිසියෙන් තදබල ලෙස පහර දුන් නිසා තමා අපහසුවෙන් සිටින බවය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සැකකරු අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත යොමු කරන ලෙසයි.

සැකකරු පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටත් අධිකරණය පොලිසියට අවසර දී ඇත.

Related posts

පුද්ගලික අංශයේ අවම සේවක වැටුපත් ඉහළට…

Malar FM

මහනුවර නගරයේ ජල සැපයුම ඇනහිටී; පානීය ජල බෝතල් හිඟයක්, මිල 100 දක්වා ඉහළට

Malar FM

උඩරට පහතරට සියළු එලවළු මිල තවත් ඉහලට… බත් පාර්සල් මිලත් ඉහලට..

Malar FM