Local NewsNews

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

නොරොච්චෝල තවත් ජනන යන්ත‍්‍රයක් මාස තුනක් නවතන්න වෙයි.. විදුලිය උපරිම අර්බුදයේ…

Malar FM

මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්

Malar FM

පාර්ලිමේන්තුවේ ස්වාධීන වන බව ශ‍්‍රීලනිප පිරිසක් ජනපතිට දන්වලා..?

Malar FM