Local NewsNewsPolitical

ආණ්ඩුවට ඡන්ද අඩු වුණේ අලුත් අවුරුද්දයි වෙසක් සමයයි නිසා…

ජාතික ජන බලවේග ආණ්ඩුව පළාත් පාලන මැතිවරණයේ දී ලද ඡන්ද ප්‍රමාණය අඩු වීමට වැඩ කරන දිනයක ඡන්දය පැවැත්වීම බලපෑ බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.

එසේම සිංහල හින්දු අලුත් අවුරුද්ද අවසන් වූ විගස සහ වෙසක් උත්සව සමය ආසන්නයේ ඡන්දය පැවැත්වීම ද භාවිත කළ ඡන්ද ප්‍රමාණය පහළ යෑමට හේතු වූ බවයි, ඔහු පෙන්වා දුන්නේ.

එය ආණ්ඩුව කෙරෙහි පවතින අප්‍රසාදයක් නිසා මතු වූ තත්ත්වයක් නොවන බව ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, මෙවර මැතිවරණයේදී ආණ්ඩුව ජනතාවට එපා වීම නිසා ඡන්ද භාවිතය අඩු වී ඇති බවට විපක්ෂය නඟන චෝදනාවලට පිළිතුරු දෙමිනි.

Related posts

අපි රට හදාගෙන එද්දී මිනිස්සුන්ට විරුවෙක් ගේන්න උවමනා වුනා..

Malar FM

පුද්ගලික බැංකු ගිණුම් ගැන මහ බැංකුවෙන් අනතුරු ඇගවීමක්..

Malar FM

නව ඡන්ද ක‍්‍රමයකට කැබිනට් යෝජනාවක්.. ජනාධිපතිවරණයත් කල් යයි..?

Malar FM