Local NewsNews

මුල් මාස තුනේ ආදායම ට‍්‍රිලියනයි.. වියදම ට‍්‍රිලියන එකහමාරයි..

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනා කරණ පනතේ 53(1) වගන්තිය අනුව, අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය භාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළදී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය.

එම විධිවිධාන පරිදි 2025-03-31 දිනෙන් අවසන් වන 2025 වර්ෂයේ පළමුවන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය 2025-05-15 දින හෝ ඊට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ.

ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ 2025 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගී කරණයන් මත පදනම්ව 2025-01-01 දින සිට 2025-03-31 දින දක්වා වන 2025 වර්ෂයේ පළමුවන කාර්තුවට අදාළ සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තා කරන ලද පහත සඳහන් සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්යසාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Related posts

කිසිදු සෙබලෙකු දැන් සමාජයේ කොරෝනා ආසාදිත වන්නේ නෑ.. සියළු ආසාදිතයන් කදවුරු ඇතුලෙන් පමණයි..

Malar FM

සහල් පොල් ඇතුළු අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය අද සිට ගෙදරටම…

Malar FM

බස්නාහිර ලොක්ඩවුන් කරන්නැයි කියයි..

Malar FM