Local NewsNews

බදුරලියේදී 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ මව අත්අඩංගුවට

තම 12 හැවිරිදි දියණිය ගණිකා සේවයේ යෙදවූ බවට චෝදනා ලැබූ මවක් බදුරලිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය ප්‍රදේශයේ පදිංචි මවක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කඩවත ළමා මධ්‍යස්ථානයක රඳවා සිටින දැරියගෙන් ළමා හා කාන්තා අපයෝජන විමර්ශන කාර්යාංශය ලබාගත් වීඩියෝ සාක්ෂි මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. දැරිය එහිදී ප්‍රකාශ කර ඇත්තේ, මවගේ දැනුම්වත්භාවය මත පුද්ගලයන් කිහිප දෙනෙකු සමඟ ලිංගිකව එක් වී ඔවුන්ගෙන් ලැබුණු මුදල් මවට දුන් බවයි.

තම මව අත්අඩංගුවට ගනු ඇතැයි හෝ තමා පරිවාස භාරයට පත් වේ යැයි බියෙන් මීට පෙර පොලීසියට පැමිණිලි නොකළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

බදුරලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී. වැදිසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

විශ‍්‍රාමිකයන්ට සුබ ආරංචියක්…

Malar FM

සහල් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනහමාරක් රටින් ගේන්න වෙයි..

Malar FM

බංග්ලාදේශය පැරදු ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම අවසන් මහා තරගයට -තරගයෙන් පසුව නයි නැටුමෙන් ජය සමරයි

Malar FM