Local NewsNewsPolitical

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ ජාතික උළෙල පැවැත්වේ

ආර්ථික ක්‍රියාවලිය තුළ සියලුදෙනා සම්බන්ධ කරගනිමින් සැමට ප්‍රතිලාභ ලැබෙන ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ පෙබරවාරි 02 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති ‘මිල්කෝ කිරිගොවි අභිමන්’ කිරිගොවි ප්‍රසාද දීමනා පිරිනැමීමේ සහ රක්ෂණාවරණයක් හඳුන්වාදීමේ ජාතික උත්සවයට එක්වෙමිනි. ‘කිරෙන් පොහොසත් සාරවත් රටක්’ යන තේමාවෙන් පැවති මෙම උළෙල සංවිධානය කර තිබුණේ, 2025 වර්ෂයේදී ඓතිහාසික ශුද්ධ ලාභයක් වාර්තා කළ මිල්කෝ ආයතනයට ඒ සඳහා උරදුන් කිරිගොවි ප්‍රජාව ඇගයීම වෙනුවෙනි.

මෙම වැඩසටහන යටතේ මිල්කෝ ආයතනය හා සම්බන්ධ කිරි ගොවීන් 22,000කට ආසන්න පිරිසකට ලාභාංශ දීමනා ලෙස ප්‍රදානය කිරීමට නියමිත අතර, උත්සවයේදී ගොවීන් දෙදහසකට සංකේතාත්මකව එම දීමනා පිරිනැමිණි. මෙහිදී කිරිගොවි විශ්‍රාම වැටුප් සඳහා සාමාජික හිමිකම් පත්‍ර ප්‍රදානය ද සිදු වූ බව වාර්තා වේ. වත්මන් රජය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූ ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට කැපවන බවත්, වංචාව හා දූෂණය අවම කර නිසි කළමනාකාරිත්වයක් යටතේ රාජ්‍ය ආයතන ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බව මිල්කෝ ආයතනය කෙටි කලකින් ඔප්පු කර ඇති බවත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී සඳහන් කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ, මීට වසර 21කට පෙර වත්මන් ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයෙන් පසු මෙවැනි ලාභාංශ ලබාදෙන්නේ පළමු වතාවට බවයි. තමන්ට මාස 15-16ක් වැනි කෙටි කාලයකින් මෙවැනි ජයග්‍රහණයක් අත්කර ගත හැකි වූයේ නම්, මීට පෙර සිටි පාලකයන් මෙම ආයතන කළමනාකරණය කළ ආකාරය පිළිබඳව ජනතාවට ප්‍රශ්න කළ හැකි බව ඇය පෙන්වා දුන්නාය. කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ද මෙහිදී අදහස් දක්වමින්, රාජ්‍ය ආයතන දියුණු කර ආදායම් ඉපයිය හැකි බව මිල්කෝ ආයතනය තහවුරු කළ බවත්, කිරිගොවීන්ගේ ගැටලු විසඳීමට රජය දිගටම සහය දෙන බවත් ප්‍රකාශ කළේය.

Related posts

සම්පන්දන් අමෙරිකාවෙන් ආරක්ෂාව ඉල්ලයි

Malar FM

ඩොලරය නොනැවතී ඉහලට.. රුපියල් 400 පෙනෙන දුරින්..

Malar FM

විදුලි අර්බුදය ආවේ මා කී ලෙස වැඩ නොකල නිසා…

Malar FM