Local NewsNews

පසුගිය පාලන සමයන්හි දූෂණ විමර්ශනය සාක්ෂි මකා දැමීම නිසා අසීරු වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි

පසුගිය පාලන සමයන්හි සිදුවූ වංචා සහ දූෂණ සම්බන්ධ විමර්ශන කටයුතු මෙහෙයවීම වර්තමානයේදී අසීරු කර්තව්‍යයක් වී ඇත්තේ අදාළ සාක්ෂි සූක්ෂ්ම ලෙස මකා දමා හෝ විකෘති කර ඇති බැවින් යැයි සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. රත්නපුර ප්‍රදේශයේ පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සම්මන්ත්‍රණයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යම් වංචාවක් සිදුවී කෙටි කලකින් රජයක් වෙනස් වූයේ නම් විමර්ශන වේගවත් කළ හැකිව තිබූ නමුත්, අදාළ චූදිත කණ්ඩායම් වසර 5ක් 10ක් වැනි දීර්ඝ කාලයක් බලයේ රැඳී සිටීම නිසා සාක්ෂි සැඟවීමට ඔවුන්ට අවස්ථාව ලැබී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. එම කාලය තුළ දක්ෂ විමර්ශන නිලධාරීන් ස්ථාන මාරු කරමින් පද්ධතිය අවුල් කර ඇති බවට ද අමාත්‍යවරයා මෙහිදී චෝදනා කළේය.

මේ හේතුවෙන් වංචා සහ දූෂණ සොයා ගැනීම සංකීර්ණ මෙහෙයුමක් වී ඇති බවත්, වර්තමානයේ විපක්ෂයෙන් නැගෙන ඝෝෂාවට හේතුව විමර්ශන කටයුතු නිසි පරිදි සිදු වීම බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

‘ගිනි කිකිලිගේ රජ ගැහිල්ල..’ සමග රෝසි රහස් පොලිසියේ…

Malar FM

රත්නපුරයට ආ වැලිසර සෙබළු දෙදෙනෙකුට කොරෝනා..

Malar FM

සල්ලි නෑ.. වැඩිහිටි දිමනාව ගන්නා ආ පිරිස් හරවා යවයි..

Malar FM