Local NewsNews

බොරැල්ලේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබයි; එක් අයෙකුගේ තත්ත්වය බරපතළයි

බොරැල්ල ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩා වැටීමෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පාසල් පරිශ්‍රයේ සිදුවෙමින් පවතින ප්‍රතිසංස්කරණ කටයුත්තක් සඳහා යොදවා තිබූ බැකෝ යන්ත්‍රයක් තාප්පයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

තාප්පය කඩා වැටෙන අවස්ථාවේදී ඒ අසල සිටි සිසුන් තිදෙනෙකු ඊට යටවී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ පිරිස් ඔවුන් මුදාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත. තුවාල ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බවත්, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සඳහන් කළේය.

සිද්ධියට අදාළ බැකෝ යන්ත්‍රයේ රියදුරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, බොරැල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි. පාසල් පරිශ්‍රයන් තුළ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂිත පියවර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වී ඇත.

Related posts

බිත්තර විදේශයන්ගෙන් ආනයනයට කැබිනට් අනුමැතිය ලැබේ…

Malar FM

රජයේ සහල් නැවු තාම නෑ.. සතොස ආනයනකරුවන්ගෙන් සහල් මිලට ගෙන අලෙවිසැල්වලින් විකුණයි..

Malar FM

හැටන් පන්මූර් වතුයායේ සැරිසරන දිවියා අල්ලා ගැනීමට විශේෂ මෙහෙයුමක්

Malar FM