Local NewsNews

පිරවුම්හල් කිහිපයක ඉන්ධන නිකුත් කිරීම සීමා කෙරේ; මාසයකට සෑහෙන තොග පවතින බව ඛනිජ තෙල් සංස්ථාව පවසයි

පවතින අධික ඉල්ලුම සැලකිල්ලට ගනිමින් දිවයිනේ ඇතැම් ඉන්ධන පිරවුම්හල් මගින් යතුරුපැදි, මෝටර් රථ සහ සෙසු වාහන සඳහා විවිධ මිල සීමාවන් යටතේ ඉන්ධන නිකුත් කිරීමට පියවර ගෙන තිබේ. පිරවුම්හල් හිමියන් පෙන්වා දෙන්නේ පෝලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයන්ට සාධාරණ ලෙස ඉන්ධන ලබාදීමේ අරමුණින් මෙම තාවකාලික සීමා පැනවූ බවයි. කෙසේ වුවද, රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවත් ඇණවුම් කරන ලද තොග අඛණ්ඩව ලැබෙමින් පවතින බවත් ඔවුහු අවධාරණය කරති.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ මාසයකට අධික කාලයකට ප්‍රමාණවත් ඉන්ධන සංචිත මේ වන විට මෙරට සතුව පවතින බවයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව මැදපෙරදිග කලාපයෙන් ඉන්ධන ඇණවුම් නොකරන අතර, වර්තමානයේ ඉන්ධන ආනයනය කරනු ලබන්නේ ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් පමණක් බව සංස්ථාව පෙන්වා දෙයි. එබැවින් මැදපෙරදිග පවතින නොසන්සුන් තාවය මෙරට ඉන්ධන සැපයුමට සෘජුව බලනොපාන බව තහවුරු වේ.

යම් හෙයකින් අමතර අවශ්‍යතාවක් මතු වුවහොත් නයිජීරියාවෙන් සහ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉන්ධන ලබා ගැනීමට අවශ්‍ය විකල්ප සැලසුම් ද මේ වන විට සකස් කර ඇති බව සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය. ඉන්ධන ප්‍රවාහනයට ගතවන කාලය හේතුවෙන් පිරවුම්හල් වෙත තොග ලැබීමේ යම් ප්‍රමාදයක් පැවතිය හැකි වුවද, සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යන බව රජය සහතික කරයි.

Related posts

FB ජනාධිපතිවරණයෙන් අනුර දිනයි.. ප‍්‍රතිශතය 90% ආසන්නයේ…

Malar FM

ගෝඨාභය දඩයම් කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක්…!!

Malar FM

ඉන්දියාවෙන් ගෙනෙන පලමු බිත්තර තොගය මග… මෙරට බිත්තර රැස් බහී…

Malar FM