NewsPolitical

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ රෙගුලාසි සහ ආයතනික කාර්යක්ෂමතාව මත මුදල් පද්ධතියේ ශක්තිය රඳා පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි

රටක මූල්‍ය පද්ධතියේ ශක්තිමත්භාවය තීරණය වන්නේ පිහිටුවා ඇති නීති සහ ආයතන මත පමණක් නොව, ඒවායේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය, වගවීම සහ අඛණ්ඩතාව (integrity) මත බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මඟින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, මුදල් විශුද්ධිකරණය පිළිබඳ ආසියා/පැසිෆික් කලාපීය සමූහය (APG) විසින් පවත්වනු ලබන, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම (AML), ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහි වීම (CFT) සහ අවි ආයුධ ව්‍යාප්තියට මුදල් සැපයීම වැළැක්වීම (CPF) පිළිබඳ ශ්‍රී ලංකාවේ තෙවන පාර්ශ්වික අගය කිරීමේ (Third Mutual Evaluation) සමාරම්භක රැස්වීමට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කර ඇත.

ශ්‍රී ලංකාවේ තෙවන පාර්ශ්වික අගය කිරීමේ ක්‍රියාවලිය හරහා පහත සඳහන් මූලික කරුණු ඉටුකර ගැනීමට පූර්ණ අවස්ථාව ලැබෙන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය:

  • මූල්‍ය අපරාධ මර්දනය කිරීමේදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ප්‍රගතිය ජාත්‍යන්තරය හමුවේ නිරූපණය කිරීම.
  • තවදුරටත් වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගැනීම.
  • ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දේශීය රෙගුලාසි තවදුරටත් ශක්තිමත් කිරීම.

දූෂණය සහ රාජ්‍ය ආයතන — විශේෂයෙන්ම මූල්‍ය ආයතන — කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය බිඳවැටීම, රටේ ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයට එල්ල වන දැවැන්ත තර්ජනයක් බව ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළාය.

ශ්‍රී ලංකාවේ AML/CFT/CPF නීතිමය හා ආයතනික රාමුව ශක්තිමත් කිරීමටත්, නැගී එන මූල්‍ය අවදානම්වලට මුහුණ දීමටත්, ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් සහ ආයෝජකයන් ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමටත් අගය කිරීමේ කණ්ඩායම සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ රජය කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Related posts

සහකාර ප්‍රාදේශීය ලේකම්වරිය ඝාතනයක්…

Malar FM

සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාව

Malar FM

අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…

Malar FM