දකුණු අන්දමන් මුහුද සහ උතුරු සුමාත්රා දූපත් ආසන්නයේ පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වයක් (low-level atmospheric disturbance) වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඊයේ (29) පෙරුම්වරු 9.30ට නිකුත් කරන ලද අදාළ අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා වලංගු වන අතර, මෙම පද්ධතිය වර්ධනය වීමත් සමඟ අදාළ මුහුදු ප්රදේශවල නිරත වන නාවික සහ ධීවර ප්රජාවට දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි, යාවත්කාලීන කිරීම් සහ නිවේදන පිළිබඳව විමසිලිමත් වන ලෙසත් උපදෙස් දී ඇත.