News Political

පාර්ලිමේන්තුව “මහළු නිවසක්”

නව වසර උදාවේදී වත්මන් පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 70 ඉක්මවූ මන්ත්‍රීන් සංඛ්‍යාව ඉහළ යන බව පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සඳහන් දත්ත මගින් අනාවරණය වේ.
ඒ අනුව මේ වසරේදී රනිල් වික්‍රමසිංහ ,ගාමිණි ලොකුගේ , ලක්ෂ්මන් කිරිඇල්ල , කේ.කේ පියදාස යන මහත්වරුන් සිය 70 වැනි ජන්ම දිනය සැමරීමට සූදානම්ය.
ෆොනී දැන් හැත්තෑව කටේ
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (67) ඇතුළු තවත් කිහිපදෙනෙකු සිටින්නේද 70 පෙනෙන මානයේය.
මේ අනුව, වත්මන් පාර්ලිමේන්තුවේ කාල සීමාව අවසන් වන 2020 වසර වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් නවයෙන් එකක් වයස අවුරුදු 70 සම්පූර්ණ කිරීමට නියමිතය
වයස සවයස අවුරුදු 70 සපිරූ මන්ත්‍රීවරු අතර,මහින්ද රාජපක්ෂ, කරූ ජයසූරිය, සරත් අමුණුගම, වාසුදේව නානායක්කාර, මහින්ද යාපා අබේවර්ධන, ආර්. සම්බන්ධන්ගා, මිණි ජයවික්‍රම පෙරේරා, චමල් රාජපක්ෂ, චන්ද්‍රසිරි ගජධීර, ජෝන් සෙනෙවිරත්න, ජෝන් අමරතුංග, එම්.කේ.ඩී .එස් ගුණවර්ධන, නිමල් සිරිපාලද සිල්වා, ඩී.එම් ස්වාමිනාදන්මො, හොමඩ් නවාවි
ඒ.එච්.එම් ෆවුසි, එස්.බී නාවින්න, මොහොමඩ් හනීෆා හා මුත්තු සිවලිංගම් යන අය සිටිති.
වයස්ගත ජනගහනය වැඩිවීම ශ්‍රී ලංකාව හමුවේ තිබෙන ප්‍රධාන සමාජ ආර්ථික ප්‍රශ්නයකි. වසර 2010 දී ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් මිලියන 2.5ක් වැඩිහිටියන් වූ අතර වසර 2011 දී සමස්ත ජනගහනයෙන් අවුරුදු 60 ඉක්ම වූ පිරිස සියයට 12.5ක් විය.
වසර 2025 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 16.7ක් වනු ඇතැයි ද වසර 2041 වනවිට සමස්ත ජනගහනයෙන් සියයට 24.8ක් එනම් සමස්ත ජනගහනයෙන් හතරෙන් එකක් වයස අවුරුදු 60 ඉක්මවූවන් යැයි ද දත්ත වාර්තා සඳහන් කරයි.

(under the courtesy of srilankamirror.lk news web)

Related posts

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj

මේ ඔක්කෝම ප්‍රශ්න පහුගිය ආණ්ඩු කාලේ පටන් ගත්තු ප්‍රශ්න

Shiran Viraj

මට වෙඩි තැබීම ගැන බෞද්දයන් කුලප්පු වුනා හොදටම මදි..- අම්පිටියේ හිමි

Shiran Viraj

Leave a Comment