Local NewsNews

තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙට

තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරතවීමටයි තැපැල් වෘත්තීය සමිති. මේ වනවිට තීරණය කර ඇත්තේ. කෙසේ වෙතත් කළ විමසීමකදී තැපැල්පති රෝහණ අබේරත්න කියා සිටියේ හෙට පැවැත්වෙන සාකච්ඡාවේ දී වෘත්තීය සමිති ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.
කෙසේ වෙතත්  ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර කියා සිටියේ සිය ගැටළු සඳහා අවස්ථා කිහිපයක දී විසඳම් ඉල්ලා සිටියද නිසි ප‍්‍රතිචාර නොලැබුණු බවයි. අඛණ්ඩ වැඩවර්ජනයකට අවතීර්ණ වීමට තීරණ කළේ ඒ හේතුවෙන් බවද ඔවුන් ප‍්‍රකාශ කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ග‍්‍රාමශක්ති කෘෂි වැඩසටහනට ඝෘජු විදේශ ආයෝජන

Malar FM

ඉන්ධන සදහා වූ බදු ඉහල දැමේ..

Malar FM

ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)

Malar FM