Local NewsNews

බෙල්ලන්විල හිමිගේ පරීක්ෂණය ගැටලුවක්

බෙල්ලන්විල විමරතන අනු නාහිමියන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය කොළඹ නාගරික හසිදි මරණ පරික්ෂකවරිය ලවා සිදු නොකර බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදුකිරීමෙන් නීතිමය ගැටලුවක් මතු වී ඇති බව දැනගන්නට ඇත.
මේ පිළිබඳව කොළඹ නාගරික හදිසි මරණ පරික්ෂිකා නීතිඥ ඉරේෂා දේශානි සමරවීර මහත්මිය ගෙන් විමසූවිට පැවසුවේ බෙල්ලන්විල හිමියන් කොළඹ නාරාහේන්පිට ආසිරි රෝහලේදී අපවත්වූ බව තමන්ට නාරාහේන්පිට පොලිසියෙන් දැනුම් දුන්නද මරණ පරීක්ෂණය සඳහා උන්වහන්සේගේ දෙණ කළුබෝවිල රෝහලට රැගෙන ගොස් සිදුකර ඇති බවය.
මෙය බොරලැස්ගමුව පොලිසිය විසින් බොරලැස්ගමුව හදිසි මරණ පරික්ෂකවරිය ලවා සිදු කිරිමෙන් නීති විරෝධී සිදුවීමක් සිදුව ඇති බවත්, තමන් මෙම මරණ පරික්ෂණය සිදුකරේ නම් බෙල්ලන්විල විහාරයේ ඇත්ගොව්වා සහ සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි ලබාගන්නා බවත් ඇය පැවසුවාය.
එහෙත් තමන්ට දැනෙන්නේ මෙම පරික්ෂණයේදී ඇත්ගොව්වාගෙන් ප්‍රකාශයක් ලබාගෙන නැති බව යයි ද ඇය සඳහන් කළාය.
මේ සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයටත්, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පතිවරයාටත් පැමිණිලි කළ බවද ඇය පැවසුවාය.
බොරලැස්ගමුව පොලිස්ථානාධිපති ප්‍රියංක ද සිල්වා මහතා ගෙන් මේ ගැන විමසූවිට පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසන ලෙස පැවසීය.
(under the courtesy of nethnews.lk news web)

Related posts

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Malar FM

කොරෝනා මර්දනයේදී චීනය හැර මුළු ලෝකයම අපට යටින්.. දෙවැනි රැල්ලද සාර්ථකව පාලනය කර අවසන්..

Malar FM

වැරදි කරන රියදුරන්ගේ ලකුණු කැපී බලපත‍්‍රය අහෝසි වන ක‍්‍රමය එයි..

Malar FM