Local NewsNews

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේ

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා සඳහා ජලය සපයා ගැනීම දැඩි අසීරු වී ඇති බවයි.
වියළි කාලගුණයෙන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ, අනුරාධපුර , පොලොන්නරුව , පුත්තලම , මන්නාරම හා කුරුණෑගල යන දිස්ත්‍රික්කවලටයි.
පවතින වියළි කාලගුණය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල ජල සැපයුම සීමා කිරීමට සිදුව ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසයි.
එහි සභාපති අලහුඩීන් අන්සාර් මහතා පැවසුවේ, ගාල්ල මාතර ප්‍රදේශ ඇතුළු වියළි කාලගුණය පවතින ප්‍රදේශවල එලෙස ජල සැපයුම සීමා කර ඇති බවයි.
අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කරන ලෙස ඔහු ජනතාවට දැනුම් දෙයි.
මේ අතර ජලය බෙදාහැරීම සඳහා ජල බවුසර් 200 කට අධික ප්‍රමාණයක් යොදවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ ය.

(පුවත් අනුග්‍රහය newsfirst ‍වෙබ් අඩවිය)

Related posts

තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශ

Malar FM

පාසල් සිසුවියක් පැහැරගත් මෝස්තර නිරූපන ශිල්පියා පොලීසියට දුන් අපූරු පිළිතුර .!

Malar FM

ලෝකයම එපා කියන ලංවිමට නැතිවම බැරි ගල් අගුරු බලාගාර – ඇත්ත කතාව මෙන්න

Malar FM