NewsPolitical

අද සිදු වූ කැබිනට් සංශෝධනයේ කිසිඳු එජනිස අමාත්‍යවරයෙක් නෑ – හේතුව මෙන්න

අද (25) සිදු කරන ලද නව කැබිනට් සංශෝධනයට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරු අතර වෙනස්කම් කිහිපයක් සිදු වුණා.
එහෙත් ඒ සඳහා කිසිම එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරයෙකු ඇතුළත්ව සිටියේ නැහැ.
තොරතුරු වාර්තා වෙන අන්දමට එක්සත් ජනතා නිදහස් සන්ධාන අමාත්‍යවරුන්ගේ කැබිනට් සංශෝධනය  තවත් සති දෙකකින් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.
නව කැබිනට් සංශෝධනයන්ට අනුව සිදු වූ වෙනස්කම් පහතින් දැක්වෙයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නීතිය හා සාමය අමාත්‍ය.
රවීන්ද්‍ර සමරවීර තිරසාර හා වනජීවි කැබිනට් අමාත්‍ය.
සාගල රත්නායක යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන කැබිනට් අමාත්‍ය.
ලක්ෂ්මන් කිරිඇල්ල රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන කැබිනට් අමාත්‍ය.
කබීර් හෂීම් උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍ය.
හරීන් ප්‍රනාන්දු ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා කැබිනට් අමාත්‍ය.
පියසේන ගමගේ යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය.
අජිත් පී පෙරේරා පුනරුත්තාපන හා බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය.
ජේ. සී. අලවතුවල ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය.
හර්ෂ ද සිල්වා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති වූ ගමන් පාර්ලිමේන්තුව විසුරුවනවා.. නාකි වෙන්න පෙර බලය අතහරිනවා..

Malar FM

මූඩීස්ද ශ‍්‍රී ලංකාව බංකොලොත් ගැට්ටටම දමයි.. දැන් සියළු ශේණිගත කිරීම්වල අන්තිම සීමාවේ..

Malar FM

තුන්වැනි රැල්ල ආවොත් දැන්මම සූදානම් – ක්ෂේත්‍ර 55 කට මාර්ගෝපදේශ

Malar FM