NewsSportsSports News

ලොවක් ආදරය කළ සුපිරි පිතිකරු මහ රෑ පාරට වැටෙයි

ඉන්දීය කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු වන සචින් තෙන්ඩුල්කාර් මුම්බායි නුවර මාර්ගයක ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලයට එක්කර තිබෙනවා.

ඒ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 11 වන අදියර පැවැත්වෙමින් තිබියදීයි.

සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින අතරවාරයේදී මාර්ගයේ ක්‍රීඩා කරන තරුණයන් පිරිසක් දැක තෙන්ඩුල්කාර් එම ස්ථානයට පැමිණ ඔවුන් සමග එක්වී තිබෙනවා.

ඔහු ක්‍රීඩා කරන ආකාරය දකින එම ස්ථානයෙන් රථ වාහනවල ගමන් කරන පිරිස් ද තෙන්ඩුල්කාර් දැක ගැනීමට පැමිණ ඇතැයි සඳහන්.

සචින් තේන්ඩුල්කාර් මෙවර අයි පී එල් තරගාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන උපදේශකයෙකු ලෙසට කටයුතු කරනවා.

ඔහු එම තරගාවලියේ තරග 78 කට ක්‍රීඩා කර ලකුණු 2334 ක් ලබාගෙන ඇත්තේ ශතකයක් සහ අර්ධ ශතක 13 ක් ද සමගින්.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Malar FM

පඬුකරද ගස : ගම්පහ වනජීවී ලොක්කා උසාවි කැදවයි.. කැබිනට් මණ්ඩලය චූදිතයන් වෙන ලකුණු..

Malar FM

උමා ඔය ජල කාන්දුව මුළුමනින්ම නවතයි

Malar FM