EntertainmentEntertainment NewsNews

“උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ..රැකපන් මචං උඹෙ ඇස් දෙක වගේ අනේ”

සමහර ඡායාරූප පිටුපස සැඟවුණු අපූරු කතා තියෙනවා.
මේ ඒ වගේ ඡායාරූපයකට ලියැවුණු අපූරු අදහසක්.

නැකතට මං පෝරුව වෙත නැග්ග වෙලේ..
අයියා බලන් හිටියා පුරවන් කදුලු ඇසේ..
කදුලු සමඟ හිනැහුනේ නුඹ මා සමගේ..
පිච්චිලා ගියා වගෙ දැනුනා හදවත අයියේ මගේ..

තුරුලු කරන් ඇඩුවා නුඹ මාව එදා..
පරිස්සමින් ඉදපන් නංගියේ කියා..
පුදුම වෙලා මං බැලුවා අයියා දිහා..
නැවතීමක් නෑ නුඹෙ ඇස් වල කදුලු එදා..

පියමං කලේ නුඹ මා පසු පස හෙමින් සැරේ..
නැග්ගේ මගුල් රථයට මං ඔහු සමගේ..
වැටෙනවා කදුලු අදහන්නට බැරුව ගියේ..
අයියා දාලා මට යන්නට බෑ සිතුනේ..

නැග්ගට පස්සේ මං මංගල රථය වෙත
එබිකම් කලා ඔබ ඔහු දෑතින් අල්ල ගෙන..
මතකයි කිව්වා නුඹ මාවත් බදාගෙන..
රැකපන් මස්සිනේ මගෙ පණ ටික නුඹෙ පණ සේම..

පරිස්සමින් රැකපන් බන් මගේ නංගී..
දග වැඩ ඉවරයක් නෑ තාමත් එදා වගේ..
උඹ අද අරන් යන්නේ මගේ පණ ටිකනේ…
රැක පන් මචන් උබේ ඇස් දෙක වගේ අනේ..
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Malar FM

රජය සතු ඌන උපයෝජිත වතු ඉඩම් ආයෝජකයන් වෙත බදු පදනම මත ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Malar FM

කටුගහහේන ප්‍රාදේශීය රෝහලේ නවීකරණය කළ වාට්ටු සංකීර්ණය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතින් විවෘත වේ

Malar FM