Local NewsNews

බැම්ම කැඩුනොත් හලාවතම යටවෙයි

කොළමුණු ඔයේ පැති බැම්ම කැඩීයාමේ අවදානම තවදුරටත් මුළුමනින් පහව ගොස් නොමැති බව පුත්තලම දිස්ත්‍රික් අපදා කළමනාකරණ ඒකකය පවසනවා.
ඊයේ  (07) පෙරවරුවේ මෙම බැම්ම කැඩි යාමට අසන්න බව වාර්තා වීමත් සමග ශ්‍රී ලංකා යුධ හමුදාව, පුත්තලම අපදා කළමනාකරණ ඒකකය සහ තවත් රාජ්‍ය ආයතන කිහිපයක් එක්ව මෙම බැම්ම වැලි කොට්ට දමා ආරක්ෂා කිරීමට කටයුතු කළා.
ඊයේ රාත්‍රියේ මෙම කටයුතු අවසන් වුවද අධික ජල පහර හේතුවෙන් බැම්ම නැවතත් කැඩි යාමේ අවදානමක් මතුව තිබෙනවා.
මෙම බැම්ම යම් ආකාරයකින් කැඩී ගියහොත් මුළු හලාවත නගරයම ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බවයි වාරිමාර්ග, ජල කළමනකරණ හා අපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර පැවසුවේ.
ඒ අනුව අද (08) පෙරවරුවේ අදාළ බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම නැවතත් ආරම්භ කර තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

සෞඛ්‍ය තත්ත්වය නිසා ජපාන අගමැති ඉල්ලා අස්වෙන්න යයි

Malar FM

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට මල්වතු සහ අස්ගිරි මහානායක හිමිවරුන්ගේ විරෝධය

Malar FM

ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එක්රැස්කර ගන්න..- හමුදාපති රටටම දන්වයි..

Malar FM