Local NewsNews

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

නාකපන වැස්ස තාමත් නවතින පාටක් පෙන්න නෑ. මේ වෙද්දීත් කිහිපයක්ම බිලිගන්න අයහපත් කාලගුණය සමත් වෙලා තියෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වැසි තත්වය හෙට සිට තවදුරටත් වර්ධනය වෙනවා කියලා.

අද දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට සවස 02 00 න් පමණ පසුව ගිගිරුම් සහිත වැසි ඇති වීමේ වැඩි ඉඩකඩක් තියෙනවා. නැගෙනහිර දකුණ මධ්‍යම සබරගමුව ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි වනවා.

පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට දක්වා වන මුහුදු ප‍්‍රදේශ වල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝ මීටර 50 දක්වා ඉහළ යා හැකියි. ඒ නිසා එම මුහුදු ප‍්‍රදේශ රළු වෙන්න පුළුවන්. ධීවර හා නාවික ප‍්‍රජාව ඒ පිළිබඳව අවදානයෙන් සිටීම වැදගත්.

මේ තියෙන්නේ මේ මොහොතේ ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ ස්වභාවය.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපති

Malar FM

තනි තීරණයට ප්‍රියන්ත තෝරගත්ත සකූගේ කතාවේ මාලා

Malar FM

මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි

Malar FM