International NewsNews

විවාහයට ජංගම දුරකතන තහනම් කරලා

දීප්- වීර්’ යුවළගේ විවාහ මංගල උත්සවය කවදාදැයි බලා සිටි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත රසික පිරිස්වල බලාපොරොත්තු ඉටු කරමින් දෙදෙනා යුග දිවි ගමන් අරඹන දිනය ප්‍රකාශයට පත්වෙලා. ‘දීප්- වීර්’ හෙවත් දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ විවාහ මංගල උත්සවය පැවැත්වෙන්නේ නොවැබ්බර් 14 සහ 15 දෙදින තුළදීයි. උත්සවය පැවැත්වෙන්නේ කොහේ දැයි හෙළි කර නැහැ.

රන්වීර් සහ දීපිකා දැනටමත් තීරණය කර ඇත්තේ විවාහ මංගල්‍යය අප්‍රසිද්ධව පවත්වන්නයි. සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් සහභාගි කරවා ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා. පෞද්ගලිකත්වය රැකෙන ලෙස චාම් අයුරින් පැවැත්වීමට නියමිත මේ විවාහ මංගල උත්සවයට සහභාගි වන කිසිවෙකුටවත් ජංගම දුරකතන රැගෙන ඒමට ඉඩ ලබා නොදෙන බවත් ආරංචියි.

“රන්වීර් එක්ක පෙමින් බැඳී සිටි කාලයේදීත් දීපිකා උත්සාහ කළේ ඔවුන් දෙදෙනා ගැන කිසිම මාධ්‍යයකට විස්තර නොකියා ඉන්නයි. ඒ තත්ත්වය විවාහ උත්සවයේදීත් රැක ගන්නයි දීපිකා බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසයි ආරාධිතයන්ට ජංගම දුරකතන ගේන්න එපා කියල දන්වලා තියෙන්නේ” ‘දීප් – වීර්’ යුවළට සමීප අයෙකු එලෙස පැවසුවා.
(under the courtesy of hirunews.lk news web)

Related posts

මරාගෙන මැරෙන ත‍්‍රස්තවාදීන් 07 දෙනෙකු අත්අඩංගුවට..

Malar FM

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Malar FM

රුසියාව කොවිඩ් වසංගතයට එරෙහි ලොව පළමු එන්නත නිපදවයි

Malar FM