Local NewsNews

පරුෂ වචන කියමින් යකා නැටූ දුම්රිය රියදුරාට වැඩ වැරදෙයි – ලැබුණු දඩුවම මෙන්න!

පරුෂ වචන කියමින් මගීන්ට අසෝබන ලෙස බැණ වැදුණු රියදුරුවරයෙකුගේ දුම්රිය ධාවනය අත්හිටුවා ඇති බව වාර්තාවෙයි.

මෙම දුම්රිය රියදුරුවරයා එලෙස මගියෙකුට බැන වැදුනු වීඩියොවක් සමාජ ජාල වෙබ් අඩිවි තුළට එක්කර තිබූ අතර පසුව එය බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.

සිද්ධිය වී තිබුණේ ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට හලාවත දක්වා ගමන් කළ අංක 424 දරණ කාර්යාල දුම්රියේදීය

එහිදී මගීන් කිහිප දෙනෙකු එන්ජින් මැදිරියට නංවා ගෙන අනෙක් මගීන් ඊට ගොඩවීමට උත්සහ දැරීමේදී  මෙම රියදුරුවරයා පරුෂ වචනයෙන් බැන වැදී තිබුණි.

ඊයේ අංක 424 දුම්රියට පෙර, හලාවත සිට කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 422 දරණ දුම්රිය ඊයේ ධාවනය වී නොමැති අතර,මේ හේතුවෙන් අංක 424 දුම්රියේ ගමන් කිරීමට ප්‍රමාණය ඉක්මවූ මගීන් පිරිසක් සිටීමත් සමග ඔවුන් එන්ජින් මැදිරියට නංවා ගත් බව මූලික පරීක්ෂණවලදී රියැදුරු ප්‍රකාශ කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.

තමා බැණ වැදීමට පෙර මගියෙකු තමාට බැණ වැදුණු බවත්, එම කොටස වීඩියෝවේ නොමැති බවත් රියැදුරු ප්‍රකාශ කර තිබෙන බවද ඔහු සඳහන් කළේය.කෙසේ වෙතත් පවතින නීතිය අනුව දුම්රිය එන්ජින් මැදිරියට රියැදුරු හැර කිසිදු බාහිර පාර්ශවයක් නංවා ගැනීම තහනම් ය.

කෙසේ වෙතත් පරීක්ෂණ අවසන් වනතෙක් අදාළ රියදුරුවරයාට දුම්රිය ධාවනය තහනම් කර ඇති බවද ඔහු සඳහන් කරයි.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

ආණ්ඩුව කාගේ වුවත් මුදල් අමාත්‍යාංශ නිළධාරින් කටයුතු කරන්නේ එකම ආකාරයටයි-ඇමති බන්දුල ගුණවර්ධන මහතා

Malar FM

මැතිවරණ බිය මුල්‍ය වෙලදපල කළඹයි.. භාණ්ඩාගාර බිල්පත් ගන්න කිසිවෙකු නෑ.. රාජ්‍ය වියදම අවුලෙන් අවුලට..

Malar FM

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

Malar FM