Local NewsNews

ඩොලර් හිගය නිසා නෞකා දෙකක ඉන්ධන ගොඩබෑම ප‍්‍රමාද වුනා..

කොළඹ වරායේ නවතා තිබූ ඉන්ධන නෞකා දෙකෙන් පෙට‍්‍රල් නෞකාවේ තොග ගොඩබෑම අවසන් කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මේ වන විට අනෙක් නෞකාවේ ඩීසල් ගොඩබෑම ආරම්භ කර ඇති බවත් රට තුල මේ මොහොතේ ඉන්ධන හිඟයක් ඇතිවීමේ ඉඩ කිසිදු ලෙසකින් ඉඩක් නොමැති බවත් ඒ මහතා පැවසීය.

ඉන්ධන හිඟයක් ඇති වන බවට ඇතැමුන් බොරු ප්‍රචාර සිදුකරමින් සිටින බවද හෙතෙම පවසයි.

ඩොලර් හිගතාවය හේතුවෙන් මෙම නෞකා දෙකේ ඉන්න ගොඩබෑමට නොහැකිව දින කිහිපයක් වරායේ තිබූ බවත් ගෙවීම් සිදු කිරීමෙන් පසුව ගොඩබෑමට අවස්ථාව ලැබුණු බවත් ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

Related posts

415 වැනි ආසාදිතයා ගර්භණී මවක්-කුසේ සිටි බිළිඳා ජීවිතක්ෂයට

Malar FM

ගුරු විරෝධතා පා ගමන කොළඹ බලා.. විසදුමක් නැතොත් තවත් තීව‍්‍ර කරයි.. කොරෝනා පැතිරුනොත් වරද ආණ්ඩුවේ..

Malar FM

සජිත් පරාජයෙන් වියරු වැටී මාලිමාවට වෛර කරනවා…

Malar FM