Local NewsNews

සගයන් බේරාගැනීමට වෙඩි තැබූ මීගමුව බන්ධනාගාර නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ස්ථාන මාරුවක්

මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුම්කාරී අවස්ථාවේදී ප්‍රාණඇපකරුවන් ලෙස රඳවාගෙන අමානුෂික ලෙස ප්‍රහාරයට ලක්වූ තම සගයන් බේරාගැනීමට සහ රැඳවියන් බන්ධනාගාරයේ ප්‍රධාන ද්වාරය කඩාගෙන පලායාම වැළැක්වීම සඳහා වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියෙකුට සේවා ස්ථාන මාරුවක් ලබා දී තිබේ.

වාර්තා වන අන්දමට, මෙම නිලධාරියාට දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හේතුවෙන් ඔහුව වඩාත් ආරක්ෂිත බන්ධනාගාරයක් වෙත අනුයුක්ත කර ඇත. ඔහුගේ පෞද්ගලික ආරක්ෂාව පිළිබඳව සලකා බලා මෙම ස්ථාන මාරුව ලබා දී ඇති බව පැවසෙන අතර, මෙම මරණ තර්ජනවලින් බහුතරයක් ඩුබායි ඇතුළු විදේශ රටවලින් ලැබී ඇති බව බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ.

තම ජීවිතය පවා පරදුවට තබා සගයන්ගේ ජීවිත බේරාගැනීමට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කීර්තිනාමය ආරක්ෂා කිරීමට කටයුතු කළ මෙම නිලධාරියාට නිසි ආරක්ෂාවක් සැපයිය යුතු බව ඔහුගේ සෙසු සේවා සගයන් ද අවධාරණය කර සිටිති.

Related posts

‘රට අඳුරු අනාගතයක එළිපත්තේ’ තෝරා ගත යුතු ජනපති ගැන චන්ද්‍රිකා කියයි..

Malar FM

චම්පික හෙල උරුමය අතහැර එජාපයට.. අලුත් සන්ධානයේ ලොකු පුටුවකට උඩින් පනී.. දැනටමත් පෝස්ටර් ගහයි..

Malar FM

මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..

Malar FM