Local NewsNews

රෝගියෙක් බේරගන්න පිළිසරණක් වූ මෙහෙයුමක්

මාතර, ගන්දර ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගොස් තිබූ ‘ලක්සිරි 04’නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකු හට ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන් කඩිනමින් වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදු කළ දැනුම් දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව ඒ අනුව පසුගිය ඔක්තෝබර් 05 වන දින හෘදයාබාධයක් ඇති වූ එම රෝගියාව රැගෙන ඒම සඳහා වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කෙරුණි.

ඒ අතරතුර ඉන්දියාවට අයත් වෙළඳ නෞකාවක් වන VISWA VIJE නැමැති නෞකාව මඟින් එම රෝගි වූ ධීවරයා බහුදින ධිවර යාත්‍රාවෙන් රැගෙන ඇති අතර අනතුරුව එම රෝගියා පවුල් තුඩුවට නාවික සැතපුම් 07 ක් දුරකදි නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත භාර දීමට කටයුතු කර තිබේ.

ඒ අනුව වේග ප්‍රහාරක යාත්‍රාව මඟින් එම රෝගියා ආරක්ෂාකාරී ලෙස ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර පසුව ඔහු කඩිනම් වෛද්‍ය ප්‍රථිකාර සඳහා ත්‍රිකුණාමලය, මහ රෝහල වෙත ඇතුලත් කෙරිණි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මැතිවරණය ආසන ක්‍රමයට… යෝජනාව කැබිනට්ටුවට…

Malar FM

රිය අනතුරක්.. 12ක් රෝහලේ…

Malar FM

ගම්පහට පන්දසහක දීමනාව ලබා දීමේ දෙවන අදියර අදින් ඇරඹේ – රුපියල් කෝටි 232ක් රජයෙන් ජනතාවට

Malar FM