NewsPolitical

අනාථ වුනු අරලිගහ මැඳුර

සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයේ අදහස් පළ කළේය.

මැතිවරණය පරාජය වන බව දැන දැනම එලෙස සජිත් ප්‍රේමදාස මහතාව මැතිවරණයට ඉදිරිපත් කරන්නේ ඔහුව පරාජයට පත් කරමින් ජනතාවගේ අප්‍රසාදයට පත් කිරිමට බවද ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දැක්වීය.

එමෙන්ම අරලියගහ මන්දිරය මේ වන විට අනාථ නිවසක් බවට පත් වී ඇති බවත් මේ බව විට එක්සත් ජාතික පක්ෂය රැදි සිටින්නේ අන්තර්ජාතික වශයෙන් ලැබෙන බලය පෙන්වමින් බවද මොහොමඩ් මුසම්මිල් මහතා එහිදි පැවසීය.

එක්සත් ජාතික පක්ෂයට සහය දැක්වීමට කටයුතු කරන ජනතා විමුක්ති පෙරමුණට මේවන විට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවත් දවස් 364ක්ම සිරිකොත පක්ෂ මුලස්ථානයේ රැදි සිටිමින් එක් දිනයකදි පමනක් විරු සමරුම සිදු කරන බවටද ඔහු එහිදි චෝදනා කළේය.

මැතිවරණයක් පවත්වා මහජනතාවගේ මතය විමසීම කිසිදු අවස්ථාවකදි ප්‍රජාතන්ත්‍ර විරෝධි නොවන බවද මොහොමඩ් මුසම්මිල් මහතා වැඩිදුරටත් අදහස් දැක්වීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Malar FM

බස් පරණයි.. අමතර කොටස් බාලයි.. අනතුරු වැඩි ඒ නිසා.. ඉදිරියට තව වැඩිවෙයි.

Malar FM

ගෑස් මිල විශාල ලෙස අඩු කරයි… නව මිල ගණන් මෙන්න..

Malar FM