BusinessBusiness NewsLocal NewsNews

මෙවර යල කන්නයේ රජයේ වී මිලදී ගැනීමේ සහතික මිල ගණන් මෙන්න

මෙවර යල කන්නයට අදාළව රජය විසින් වී අස්වනු මිලදී ගනු ලබන නව සහතික මිල ගණන් වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව රජයේ නව මිල නියමයන් සැකසී ඇත්තේ මෙසේය. නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120.00 කට ද, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130.00 කට ද මිලදී ගැනීමට තීරණය කර ඇත. මීට අමතරව කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් සඳහා රජය නියම කර ඇති සහතික මිල රුපියල් 140.00 කි.

දේශීය ගොවි ජනතාවට තමන් වෙහෙස මහන්සියෙන් නෙළාගත් අස්වැන්න වෙනුවෙන් සාධාරණ සහ උපරිම මිලක් ලබාදීමත්, අතරමැදි වෙළෙඳුන් විසින් සිදුකරන සූරාකෑම්වලින් ඔවුන් මුදාගැනීමත් මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

මෙම සහතික කළ මිල ගණන් යටතේ වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය කඩිනමින් ආරම්භ කිරීමට රජය සියලු කටයුතු සූදානම් කර ඇති අතර, මෙම මැදිහත්වීම හරහා ඉදිරියේදී දේශීය වෙළඳපොළ තුළ සහල් මිල අනවශ්‍ය ලෙස ඉහළ යෑම වළක්වා ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට ද බලාපොරොත්තු වේ.

Related posts

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Malar FM

ඉන්දියාව පරදා ශ‍්‍රී ලංකාව විශිෂ්ඨ ජයක් ලබයි…

Malar FM

ජනපති අගමැති ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් හමුව…

Malar FM