BusinessBusiness NewsLocal NewsNews

මිලදී ගන්නා මත්පැන්වල ප්‍රමිතිය සෙවීමට සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නව App එකක්

වෙළඳපොළෙන් මිලදී ගන්නා මත්පැන් ප්‍රමිතිගත නිෂ්පාදනයන් ද යන්න පාරිභෝගිකයන්ට ක්ෂණිකව පරික්ෂා කර බැලීම සඳහා නව ජංගම දුරකථන යෙදවුමක් (App) හඳුන්වා දීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ‘බදු ශක්ති 2026’ ජාතික බදු සතිය නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් ඒ.ඒ. රොෂාන් පෙරේරා මහතා මේ බව අනාවරණය කළේය.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) සමඟ ඒකාබද්ධව මෙම නව යෙදවුම නිර්මාණය කරන බවත්, එමගින් තමන් ගෙවන බදු මුදලට සරිලන නියමිත ප්‍රමිතියෙන් යුතු මත්පැන් පාරිභෝගිකයාට ලැබෙන්නේද යන්න ස්වාධීනව තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ වර්තමානය වන විට රජයේ සුරාබදු ආදායම් මට්ටම කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති බවයි. එමෙන්ම මත්පැන් මිල ගණන් ඉහළ දැමීම මගින් රජය මූලිකවම අපේක්ෂා කරන්නේ දේශීය මත්පැන් පරිභෝජනය සීමා කිරීම බව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ව්‍යාජ මත්පැන් වෙළඳපොළට පැමිණීම සම්පූර්ණයෙන්ම වැළැක්වීමත්, මත්පැන් මිලදී ගන්නා පාරිභෝගිකයන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීමත් මෙම නව තාක්ෂණික වැඩපිළිවෙළෙහි ප්‍රධානතම අරමුණ වී ඇත.

Related posts

ඉන්දීය ධීවරයන්ට අපේ මුහුද තහනම්..- ධීවර ඇමති ඉන්දියාවට දන්වයි

Malar FM

ඉදුරුවෙන් දිනක් තුල ආසාදිතයන් 41ක්.. වහාම ලොක්ඩවුන් කරයි..

Malar FM

රජයේ වාණිජ නීතිගත සංස්ථාව රට පුරාම ව්‍යාප්ත කිරීමට සැලසුම්

Malar FM