NewsPolitical

ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනක

අද (13) පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කර තිබේ.

අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සොයා බැලු අතර නිලධාරින්ට උපදෙස් දුන්නේ පවතින දේශපාලන වතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කරන ලෙසයි.

මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ආරක්ෂණ බලපත්‍ර  නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුළු සේවාවන් පිළිබඳව ද මෙහි දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.

ඉන් අනතුරුව ඉඩම් අමාත්‍යාංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව ද සොයා බලා තිබේ.

ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ කි්‍රයාවලිය පිළිබඳව  විමසා බැලූ ජනාධිපතිවරයා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලූවකට විසඳුම් ලැඛෙන එම ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව  පැහැදිලි කළේය.

එමෙන්ම 2019 වසරේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් ඛෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා නිලධාරින්ට පෙන්වා දුන්නේ ය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

“අපි තනිවම ආණ්ඩුවක් ගොඩනගනවා – අපෙන් ගිය අය ගන්නේ නෑ” – චමල්

Malar FM

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තුව වර්ජනය කරයි

Malar FM

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Malar FM