NewsPolitical

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස නැවත වතාවක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා යලි අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන් පසු පැවති සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු සදහන් කලේ ජනාධිපතිවරයා එවන් ප‍්‍රකාශයක් සිදු නොකල බවයි.

අධිකරණය තීන්දුවට ගරු කරමින් ඉදිරියේදී බහුතරය ඇති නව රජයක් පිහිටුවිමට තමත් කටයුතු කරන බවද ජනාදිපතිවරයා එහිදි සදහන් කර තිබේ.

තමන් ගඩාෆි මෙන් මහ පාරේ ඇදගෙන ගියද වංචාව දුෂණය වෙනුවෙන් ආරම්භ කල සටන ජනාධිපතිවරයා ලෙදස තව දුරටත් ඉදිරියට කරගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

රනිල්ට බහුතරය නෑ.. 101ක සහාය පමණයි..කමිටුවේදී හෙලි වූ සත්‍ය මෙන්න..

Malar FM

පාතාලය ඉවරයි.. ජනපති ලොකු තීන්දුවක් ගනී..

Malar FM

ඇල්ලේ හිමි, අගරදගුරු අධිකරණයට.. ආණ්ඩුවේ තීන්දුවට අතුරු තහනම් නියෝගයක් ඉල්ලයි…

Malar FM