LIFELIFE NEWSNews

ඔබත් නිතරම හිසරදයෙන් වේදනා විදින කාන්තාවක්ද? එසේ නම් එයට හේතුව මෙය විය හැකියි

ලොව පුරා සිදුකළ සමීක්ෂණයකට අනුව කාන්තාවන් ගෙන් 80% ක් වැරදි තනපට පළදින බවට සොයා ගෙන ඇති බව ඩේලි මේල් වෙබ් අඩවිය පවසනවා. පසුගිය වසර 10 ක පමණ කාලයක් පුරා සිදුකළ මෙම සමීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ කාන්තාවන් තමන්ගේ සිරුරේ හැඩයට නොගැලපෙන ආකාරයේ තනපට තෝරා ගන්නා බවත් එහි ප්‍රතිපලයක්අ ලෙස අවසානයේදී ඔවුන් සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් කාන්තා ඇදුම් පිළිබඳව වසර 16 ක පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු වන Paula Svoboda කියා සිටින්නේ කාන්තාවන්ට ඇතිවන හිසරදය, කොන්දේ වේදනාව, නොගැලපෙන ශාරීරික ඉරියවු ඇතුළු අපහසුතාවයන් රැසකට මුලික හේතුව වැරදි තනපට ඇද සිටීම බවබවයි.

තමන්ගේ ශරීරයට නොගැලපෙන තනපට දීම නිසා කාන්තාවන්ගේ පියයුරු ආශ්‍රිත මාංශ පේශීන්ට ඇතිවන අධික තෙරපුම හේතුවෙන් හිසරදය සහ කොන්දේ වේදනාවන් වැළදෙන බව ඇය සදහන් කරනවා. කාන්තාවක් තනපටයක් තෝරා ගන්නා විට ඒ පිලිබදව මනා සැලකිල්ලක් දක්විය යුතු බවත් ඒ හේතුවෙන් ඇතිවන අපහසුතාවයන් ගෙන් ගැලවීමට එය හොදම අවස්ථාව බවයි ඇය සදහන් කර සිටියේ.

(under the courtesy of hirunews.lk news web)

Related posts

ජනාධිපතිවරණයට සල්ලි වෙන් කරලා තියෙන්නේ..

Malar FM

වැඩි කල ඉන්ධන මිලට විරෝධතා….

Malar FM

අනුර සමග එක්ව වැඩ කරන්න සූදානම්..- සුමන්තිරන්

Malar FM