NewsPolitical

සියළු පක්‍ෂ වලට ඇමති ධුර දෙන්න සූදානම්…

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා එක්වන්නැයි සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරාධනා කරයි.

වත්මන් අර්බුදය හටගෙන ඇත්තේ ආර්ථික හා ගෝලීය කාරණා කීපයක් හේතුවෙන් බවත් ආසියාවේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් අතර ප්‍රධාන පෙළේ රටක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය තුළම ඊට විසඳුම් සෙවිය යුතුව ඇති බවත් ඔහු කියා සිටී.

සමස්ත රට වැසියන් සහ අනාගත පරපුර වෙනුවෙන් ජාතික අවශ්‍යතාවයක් ලෙස එකමුතුව ක්‍රියා කළ යුතු බවත් ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ඒ සඳහා අමාත්‍ය ධුර භාර ගෙන ජාතික අර්බුදයට විසඳුම් සෙවීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වලට ජනාධිපතිවරයා ආරාධනා කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Malar FM

ශී‍්‍ර ලාංකිකයින් 522ක් විදේශයන්හි සිට කොරෝනා වැළදී මෙරටට පැමිණ ඇතැයි හෙළි වෙයි

Malar FM

Corona : යාපනයේ ගම්මානයක් සම්පූර්ණයෙන්ම වසා දමයි…

Malar FM