NewsPolitical

රතන හිමි උපවාස කරද්දී පොලුගත් මැරයන් රට පුරා සැණකෙළියකට සැරසුනා.. කඩ වැහුවා.. කළු කොඩි ඉස්සුවා..- හකීම්

දළදා මාලිගාව ඉදිරියේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසයක නිරත වෙද්දී පොලු ගත් මැරයන් රටපුරා සැණකෙළියට සූදානම් වූ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් මහතා සඳහන් කරයි.

නගර පුරා කළු කොඩි ඔසවම්න් වෙලදසැල් වසා දමමින් රට තුල මහා කලබලයක් ඇති කිරීමට උත්සාහයක් තිබූ බවත් ඔහු කියයි.

හදිසි නීතිය ක්‍රියාත්මකව තිබියදී මේ ආකාරයේ හැසිරීමක් සිදු වුවත් ආණ්ඩුව ඊට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත නොහැකිව අසරණව සිටි බවද මහතා සඳහන් කරයි.

මේ හේතුවෙන් මුස්ලිම් ඇමැතිවරුන් ඉල්ලා අස්වී රට තුල කෝලාහලයක් ඇති වීම වැලැක් වූ බවද ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහනට එක්වෙමිනි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

හය වැනි කඩුල්ලේ සබඳතාව දැවැන්ත අවමානයකින් ශ්‍රී ලංකාව ගලවා ගනී

Malar FM

කමිටු නිර්දේශ එයි – 20ට අලුත් ගැසට්ටුවක් නැත – සංශෝධන ලෙස පාර්ලිමේන්තුවට

Malar FM

මැතිවරණයට මුදල් දුන්නොත් යලිත් තෙල් පෝලිම්.. රජයේ පඩි ගෙවීම අවුලක..

Malar FM