Local NewsNews

ගිනිකොණ සහ දකුණු මුහුදු ප්‍රදේශවල තද සුළං ගැන අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණ සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල වැසි සහ සුළං වැඩිවන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවිය හැකි බවයි මෙම අනාවැකියේ දැක්වෙන්නේ.

සුළගේ වේගය පැයට කිලෝ මීටර් 80 ක් පමණ දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බව ද අදාළ මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළුවිය හැකි  බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි අවධාරණය කෙරුණේ.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජපක්ෂ පවුලේ කිසිවෙකුට උගත්කමක් නෑ… රටේ උගතුන් බිහිවෙනවට ඔවුන් කැමති නෑ…

Malar FM

යුද හමුදා පැරා මළල කී‍්‍රඩා තරගාවලිය අද

Malar FM

සිපෙට්කෝ ඩීසල් තොග අවසන්.. අත්‍යවශ්‍ය සේවාවන්ට පමණයි..

Malar FM