EntertainmentEntertainment NewsNews

ම‍ගේ වැඩි ඇල්ම නි‍වේද­න­යට ‘යූ ටර්න්’ සිනමා පට­යෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසා­නා­යක

ඇය චානු දිසානායක.‍ මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බො‍‍‍හෝ ‍දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහ‍නේ නි‍වේදිකාව ‍ලෙසයි.. නි‍වේදන දිවි‍යේ ‍කෙ‍මෙන් ‍කෙ‍මෙන් තම ස්ථාවරත්වය ‍ගොඩනඟාගත් ඇය ‍මේ වන විට සිරස නාළිකා‍වේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ද ….. ආයතනයේ කළමනාකාරිණියක ලෙස කටයුතු කරන්නීය. ඇය දැන් සිනමා රංගන ශිල්පිනියක ‍ලෙස තම නවතම භූමිකාවට ප්‍රවිෂ්ටව සිටින්නීය.. ඒ, චන්න දේශප්‍රියගේ කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘යූ ටර්න්‘ සිනමා පටයෙනි…

නිවේදිකාවක ලෙස ජනප්‍රිය වූ චානු‍ගේ රංගනයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

චිත්‍රපටය බලපු බොහෝ දෙනෙක් ඒ චිත්‍රපට‍යේ ‍තේමාවත් එක්ක ‍බො‍හොම කැමැතියි. ම‍ගේ රංගනය ගැනත් ‍මෙ‍තෙක් ප්‍රේක්ෂකයන්ගෙන් බොහොම සුභවාදී ප්‍රතිචාර ලැ‍බෙමින් පවතිනවා. රංගන පිළිබඳ හැදැරීම් කළ අය‍ගෙන් සිනමාවේ හැඟීම් නිරූපණයේදී හදා ගත යුතු කාරණා පිළිබඳ හා ම‍ගේ රංගන‍යේ හදා ගත යුතු සමහර ‍දෙවල් ගැන පවා මග ‍පෙන්වීමක් ලැබුණා. ඉදිරියටත් ම‍ගේ රංගනය ගැන ලැ‍බෙන ගුණ දොස් ඉතා සුභවාදීව බාර ගන්නවා.

එ‍හෙනම් රංගනයට ‍මේ දිනවල තවත් ආරාධනා ලැ‍බෙනවා ඇති?

ඔව් ලැබෙනවා. නමුත් මම ආයතනිකව වැඩ කරන නිසා ඒ ගැනත් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා පොඩ්ඩක් කල් යල් ඇරලා හොඳ නිර්මාණයකට දායක වෙනවා.

ඔබේ හැකියාවට ඒ පැනවෙන සීමා බාධාවක් නෙමෙයිද?

මම එය දකින්නේ සුභදායී විදිහට. මට එතකොට හොඳ නිර්මාණ තෝරා ගන්න පුළුවන් අවකාශයක් හැදෙනවා. මම මේ රැකියාවේ නියැළිලා ඉන්නෙත් බොහොම කැමැත්තෙන්.

චානු‍ගේ කැමැත්ත ති‍යෙන්‍නේ නි‍වේදනයටද?

එය ‍පොඩි කා‍ලේ ඉඳන්ම තිබුණු කැමැත්තක්. පුංචි කා‍ලෙදිත් පාසලේ යම් යම් වැඩසටහන්වල නිවේදන කටයුතු කළා. තරගවලට සහභාගී වුණා. ඒ තරගවලින් ජයග්‍රහණය කළා. පසුව විශ්වවිද්‍යාල කාලෙත් නි‍වේදන කටයුතුවලට සහභාගී වුණා.

ඔබ තුළ සිටි රංගන ශිල්පිනිය ඉස්මතු ‍වෙන්නේ කොහොමද?

රංගනයත් පුංචි කාලේ මා දුටු තවත් සිහිනයක්. පාස‍ලේ සහ විශ්වවිද්‍යාල කාලේ පවා ‍වේදිකාවේ හිටපු කෙනෙක්. මම මහාචාර්ය මංගල සෙනානායකගේ වේදිකා නාට්‍ය කණ්ඩාය‍මේ සාමාජිකාවක්. මහේන්ද්‍ර ‍පෙ‍රේරාගේ රංගන පාඨමාලාවත් හදාරා තියෙනවා. ඒ තිබුණු පසුබිම නිසා රංගනය මට අලුත් දෙයක් වුණේ නැහැ. නමුත් සිනමා රංගනය කියන්නේ එයට වැඩිය බොහොම වෙනස්. නිවේදිකාවක් විදිහට කැමරාවට තිබුණු මගේ බය නැතිකම නිසා මට එය හසුරුවාගන්න පුළුවන් වුණා. විශේෂයෙන් චන්න දේශප්‍රිය අධ්‍යක්ෂවරයා නවක නිළියක් විදිහට හොඳින් රංගනය නිරූපණය කරන්න මට ගොඩක් උදව් කළා.

‘යූ ටර්න්’ සඳහා ඔබ සම්බන්ධ ‍වෙන්‍නේ ‍කො‍හොමද?

මහරාජා ආයතන‍යෙන් තමයි මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළේ. මෙය මාධ්‍යවේදිනියකගේ චරිතයක්. ඔවුන්ට අවශ්‍ය වුණා සැබෑ ජීවිතයේ මාධ්‍ය වෘත්තියේ නියැළෙන කෙනෙක්ව මේ චිත්‍රපටයට යොදා ගනිමින් වෙනසක් කරන්න. ඒ අදහස එක්ක ඔවුන් ම‍ට රංගන හැකියාවක් ති‍බෙන බව දැනන් හිටපු නිසා මට ඒ අභියෝගය බාර දෙනවා. එය ලොකු අභියෝගයක්. නමුත් එයට සාධාරණයක් කළා යැයි හි‍තෙනවා.

‘යූ ටර්න්‘ රංගන අත්දැකීම ගැන කතා ක‍ළොත්?

එය සංකීර්ණ අත්දැකීමක්. නමුත් චන්න දේශප්‍රිය මහතා ඇතුළු කණ්ඩායම සහ ‍මේ චිත්‍රපට‍යේ රංගන‍යෙන් දායක වූ ජනප්‍රිය, ප්‍රවීණ රංගන ශිල්පින් සමඟ වැඩ කරන්න ලැබීමත් මා ලද භාග්‍යයක්.

සිනමාවේ දිගු ගමනක් යන්නද චානූගේ කැමැත්ත?

ඔව්. හොඳ අධ්‍යයනයකින් හා හොඳ නිර්මාණ සමඟ සිනමාවේ ඉදිරියට යන්න මං කැමැතියි.

ඒ කියන්නේ නි‍වේදන‍ කටයුතුවලට සමු ‍දේවිද?

නැහැ. මම වැඩිපුරම ආදරය කරන්නේ ඒ වෘත්තියට. මම හැදිච්ච තැන ඒ නිසා මම එහි ගෞරවය හැමදාම රකීවි. ප්‍රවෘත්ති අංශ‍යේ නි‍වේදිකාවක් ‍ලෙස කටයුතු කිරීම නවත්වන්නේ නැහැ

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

Related posts

රජයට විරුද්ද විරෝධතාවකට ගියේ යයි සුගත් තිලකරත්න වටකර ගහන්න හදලා..

Malar FM

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

Malar FM

පාස්කු ප‍්‍රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපති

Malar FM