International NewsNews

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.

76 හැවිරිදි අදාල වෛද්‍යවරයා එසෙක්ස් හි රෝහලකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

සැක කටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳ සිදු කළ පරික්ෂණ වලවාර්තා මෙතෙක් නිකුත් කර නොමැති බව සදහන්.

කෙසේවෙතත් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත්කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියගිය පළමු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා බවට ඔහු පත්වනු ඇති.


(under the courtesy of lankacnews.com news web)

Related posts

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Malar FM

චන්න බොරු කියන බව සුදර්ශනී කියයි..

Malar FM

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

Malar FM